යුද හමුදාව ගජබාකරණයට – විකුම් වංසේ කබල් ගායි – සංජය ගැන ලියූ කැලෑ පත්තරේට කොමාන්ඩෝ මේජර් ජෙනරාල්ගෙන් දැඩි ප්‍රහාරයක් – සතිය කී සියල්ල සැබෑවෙයි

  • By editor
  • October 18, 2023
  • 0
  • 569 Views

දෙතුන් සතියකට ඉහතදී” සතිය” කීවේ මේජර් ජෙනරාල් සංජය වනසිංහට යුද හමුදාපති ධූරය නොලැබෙනු ඇති බවය. “සතිය “කී ලෙසම සංජය වනසිංට යුද හමුදාවේ දෙවැනියා හෙවත් මාණ්ඩලික ප්‍රධානි ධුරයෙන් පමණක් සෑහිමකට පත් වී ඉකුත් දහතුන් වැනිදා විශ්‍රාම ගැනීමට සිද්ධ විය. ඒ අනුව මේ දෙසැම්බරය දක්වා යුද හමුදාපති පුටුවේ වාඩි වී සිටීමට ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේට වාසනාව හිමි විය. එය දක්ෂතාව හෝ උප්පතියෙන් ඔහු ගෙනා වාසනාවක් නොවේ. ඔහු විසින්ම වගා කරගෙන අස්වැන්න නෙලා ගත් වාසනාවකි. යුද හමුදා සෙබළු දුක් මහන්සියෙන් වගා කරන වී අස්වැන්න හමුදාපතිවරයා සාගල රත්නායක ගේ ගම වන මාතරට බෙදූ ආකාරයට දෙසැම්බරයේදී ඔහුට තවත් සේවා දිගුවක් දීමට බැරිකමක් නැත.ඒ වෙනුවෙන් ඔහු ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක හා ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකට සිය ධූරයේ ගෞරවය කෙලෙසමින් සේවය කරන බව යුද හමුදාවේ කතාබහට ලක්වන මාතෘකාවකි. ශ්‍රි ලංකාවේ රාජ්‍ය ධූරාවලියේ නැති ජාතික ආරක්ෂාව පිළිබඳ ජනපති උපදේශක තනතුරක් දරන්නෙකුට හමුදාපති ” සර් ” යනුවෙන් කතා කරමින් යටහත් පහත් වීම ජේ‍ෂ්ට හමුදා නිලධාරීන් ගේ කනස්සල්ලට ලක්ව තිබේ. 

“දෙදහස් දෙකේදි රනිල් වික්‍රමසිංහ අගමැති. ඔහු එදවස යාපනේ ආඥපති ජෙනරාල් ෆොන්සේකාට කීවා අධි ආරක්ෂක කළාප ඉවත් කරන්න කියල. ඔහු අගමැති ගේ මූණටම බෑ කීවා. කර්නල් ජයවි ප්‍රනාන්දු ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ජෙනරාල් රත්වත්තේට ඕන විදිටය මෙහෙයුමක් කරන්න බෑ කියල නම්බු පිටින් ගෙදර ගියා. ඒවගේ සෘජු පුද්ගලයන් එක්ක රාජකාරි කළ අපට දැන් හමුදාවට වෙන දේ දැක්කම ලැජ්ජායි.” නිර්නාමිකව පෙනීසිටිමෙන් සතියට අදහස් දැක්වූ ජ්‍යේෂ්ට හමුදා නිලධාරියකු කීය.

යුද හමුදාව පවතින අවාසනාවන්ත තත්ත්වයෙන් මුදා ගැනීමට සංජය වනසිංහ හමුදාපති කරනු ඇති බව මුළු මහත් හමුදාවම විස්වාසය තබා තිබුණේ ලෝක විනාසයට ගැලූ වතුරෙන් තමා බේරා ගැනීමට ආ නෝවාගේ නැව සේය. එහෙත් සංජය වනසිංහ හමුදාපති . ධූරයට පත්කිරීම වැලැක්වීමට සති කිපයක් පූරා කෙටේරි කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වු බව “සතිය “මින්පෙර හෙළි කෙරුණි . ඔහු මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත්ව වැඩ බාර ගත් ප්‍රවෘත්තිය ට පෙර යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රමුඛතාව දෙනු ලැබුවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් චම්පික රණසිංහ වැඩබාර ගත් පුවත ප්‍රචාරය කර ගැනීමටය. යුද හමුදාපතිගේ මස්සිනා වන බ්‍රිගේඩියර් රවී හේරත් අධ්‍යක්ෂ ධුරය දරන හමුදා මාධ්‍ය අංශය චම්පික රණසිංහට ප්‍රමුඛතාව දිමේ රහස ඔහු ගජබා රෙජිමේන්තුවේ වීමය . යුද හමුදාපති, ආරක්ෂක ලේකම් හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිත් ගජබා රෙජිමේන්තුවේය. යුද හමුදාව පැත්තෙන් ඇහෙන කතාවක් වන්නේ අන් කවරදාවටත් වඩා යුද හමුදාව දැන් ගෝත්‍රික වෙමින්  ඇති බවය. එසේ කියන්නේ යුද හමුදාපති හමුදාව ගජබාකරණයට නතු කරමින් සිටින නිසාය. ඊට කදිම උදාහරණයය වන්නේ ගජබා රෙජිමේන්තුවේ සංවත්සරය වෙනුවෙන් යුද හමුදා මාධ්‍ය අංශය එම රෙජිමේන්තුව උත්කර්ෂයට නැගීමය.

 යුද හමුදාවේ රෙජිමේන්තු විසි පහක් තිබෙන අතර ඒවායේ සංවත්සර වෙනුවෙන් හමුදා මාධ්‍ය අංශය මාධ්‍ය ආයතන වලට මෙි ආකාරයට ලිපි යොමු කරන්නේ නැත.ඒත් ගජබා රෙජිමේන්තුව හමුදාවේ සුවිශේෂීම රෙජිමේන්තුවක් යනුවෙන් . යුද හමුදා මාධ්‍ය අංශයේ ලුතිනන් දිලංක ගුණතිලක ඉකුත් දහතුන් වැනිදා අද පුවත්පතට ලිපියක් ලියා තිබුණි . යුද හමුදාවේ දශක ගණවක රාජකාරි කර අත්දැකීම් ඇති ලියුම්කරුට එම ලිපිය කියවන විට සිතුනේ විකුම් ලියනගේ වූ කලි ගජබා රෙජිමේන්තුවට පමණක් යුද හමුදාපති නොවන බවත් ඔහු මුළු හමුදාවටම නායකත්වය දෙන පුද්ගලයා බව ඔහුට අමතක වි ඇති බවය.  යුද හමුදාවේ පිළිවෙත අනුව නිළධාරියෙකු සිය රෙජිමේන්තුවේ ලකුණ හිස් වැස්මේ ප්‍රදර්ශනය කරන්නේ ලුතිනන් කර්නල් නිලය තෙක් එනම් රෙජිමේන්තු අණදෙන නිලධාරි හෝ ඊට සමාන මාණ්ඩලික තනතුරක් දක්වා පමණි. එසේ බලන විට යුද හමුදාපතිවරයා තවමත් හිතන්නේ අණදෙන නිලධාරී මට්ටමින් දැයි ප්‍රශ්න යකි.

කෙසේනමුදු මින් පෙර කිසිදු යුද හමුදාපතිවරයකු මේ ආකාරයට ක්‍රියා කර නැති බව යුද හමුදාවේ දශක තුනකට වැඩි කලක් රාජකාරි කර ඇති ලියුම්කරුගේ අදහසය. මෙහිදි මතකයට එන්නේ ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යුද හමුදාපති ලෙස රාජකාරි කළ කාලයේ එනම් දෙදහස් අටේදී ඔහු ගජබා රෙජිමේන්තු සංවත්සරයට සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී කළ අපූරු කතාවය. ඒ දවස තරුණ නිලධාරියෙක් ලෙස එම කතාව අසන්නට ලියුම්කරුට අවස්ථාව ලැබුණි.

එම උත්වයේ ඉදිරි පුටු පිරී තිබුණේ එකල බ්‍රිගේඩියර් නිලයේ සිටි ගජබා රෙජිමේන්තුවේ විශිෂ්ට නිෂ්පාදනය වන ජගත් ඩයස්, කමල් ගුණරත්න උදය පෙරේරා ,ජගත් අල්විස්,ශවීන්ද සිල්වා,චාගි ගාල්ලගේ නිර්මාල් ධර්මරත්ත ,නිශ්ශංක රණවනගෙනි.මේ පිරිසෙන් ජනපති ආරක්ෂක බළසේනාවේ ආඥපති ජගත් අල්විස් හැර අන් සියල්ලටම හතරවැනි ඊළාම් යුද්ධයේ තිරණාත්මක චරිතය. වන්නි සටනේ සේනාංකාධිපතිවරු වුවේ ඔවුහුය. මේ පිරිස දුටු ජෙනරාල් ෆොන්සේකා කීවේ තමන්ට ගජබා රෙජිමේන්තුව ගැන ඊෂියා හිතෙන බවත් මේ යුද්ධයේ තම රෙජිමේන්තුව වන සිංහ රෙජිමේන්තුවෙන් ඉන්නේ එක සේනාංකාධිපතිවරයකු(61සේනාංකාධිපති බ්‍රිගේඩියර් පියල් වික්‍රමරත්න ) බවත් ඔහුත් ඉන්නේ ඔෆෙන්සිව් (ප්‍රහාරත්මක සේනාංකය) නොව ඩිෆෙන්සිව්(ආරක්ෂාකාරි සේනාංකය) ඩිවිෂන් එකක බවය. එදා මෙිදා තුර යුද හමුදාවේ සිටි බලසම්පන්නම හමුදාපති වු සරත් ෆොන්සේකා සිය රෙජිමේන්තුවට වඩා වෙනත් රෙජිමේන්තුවකට ගෞරවය එසේ දුන්නේ නායකත්වයේ ලක්ෂණ විදහා දක්වමිනි. මක්නිසාද යත් නායකයාට පෞද්ගලික රුචිඅරුචිකම් තිබීමට නොහැකි බැවිණි. සරත් ෆොන්සේකා වැනි අයෙකු වාඩිි වූ යුද හමුදාපති පුටුවෙි වාඩි වී තමා පුම්බා ගැනීමට තෝරා ගත් මාධ්‍යවේදීන් පිරිසකට විස්කි පාටි දීමෙන් පාඩමක් ඉගෙන ගොගත් විකුම් ලියනගේ ගැන ලියන්නට හමුදා මුදලෙන් යැපෙන ලියන්නෙකුද දැන් කරළියට පැමිණ ඇත්තේය. යුද හමුදා පොදුසේවා බළකායේ ලුතිනන් කර්නල් සුජිත් එදිරිසිංහ නම් මේ නිලධාරියා හමුදාවේ හදුන්වනු ලබන්නේ “රණවිරුවා”යනුවෙනි.ඊට හේතුව ඔහු යුද හමුදාවේ රණවිරුවා සඟරාව සංස්කරණය කිරීම නිසාය. දෙතුන් සතියකට ඉහතදී ඔහු ඉරිදා ලංකාදීපයට ලිපියක් ලීවේ විකුම් ලියනගේ ගේ තාත්තා යුදහමුදවේ සිටි නිලධාරියකු බව කි යමින් හමුදාපති වරයා උත්කර්ෂයට නගාය. එම ලිපියත් හරියට රජු උත්කර්ෂයට නංවන වන්දිභට්ටයකුගේ වැඩක් මිසක් වෙනකක් නොවේ . එම ලිපිය ලීවේ සංජය වනසිංහ ගේ පියා (කීර්තිමත් යුද හමුදාපති ජෙනරාල් හැම්ල්ටන් වනසිංහ) පමණක් නොව විකුම් ගේ තාත්තාත් හමුදා නිලධාරියකු බව කියමින් ඔහු සම මටිටමේ තැබීමට බව බැලු බැල්මටම පෙනේ.ඒත් ජවිපෙ භිෂණය නැති කළ තරු හතරේ ජෙනරාල් වරයකු හා සෙරමෝනියල් හමුදාවක සිටි ලුතිනන්වරයකු අතර වෙනස තමා මහා සාහිත්‍යවේදයකු බවට පාරම් බාන “,රණවිරුවාට”, නොතේරුනත් ලංකාදීප පත්තරයට ලිපියක් ලියා කළ වන්දිභට්ට කමින් ඔහුට පාඩු නැතිබව සඳහන්ය. යුද හමුදාපති ගෙන් ඔහුට ප්‍රශංසා සහතිකයක් ලැබෙනු ඇතිබව යුද ලේකම් කාර්යාලය පැත්තෙන් ඇහෙන කතාවය

තත්ත්වය එසේ තිබියදී විශ්‍රාම ලැබූ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සංජය වනසිංහට අපහාස වන ආකාරයට ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ප්‍රවෘත්තියට එරෙහිව කොමාන්ඩෝ රෙජිමේන්තුවේ හිටපු අධිපති,හා යුද හමුදාවේ හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂවරයකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් උපාලි රාජපක්ෂ දැඩි ප්‍රහාරයක් එල්ලකර තිබේ සංජය තම බැචා එනම් තමන් සමග එකම කණ්ඩායමක පුහුණුව ලද බැවින් ඔහු සිය පියාගේ බලයෙන් ඉහලට ආ අයෙක් නොවන බව තමා හොඳටම දන්නා බව ඔහු සඳහන් කර ඇත. ඔහුට හමුදාපතිකම දීම හෝ නොදීම ගැන තමාට ප්‍රශ්නයක් නැති මුත් ඔහු ගැන ලියා ඇති සියලු දේ අසත්‍ය බව ඔහු තම ලිපියේ සාක්ෂි සහිතව අනාවරණය කර ඇත. (එම ලිපිය ..මේ ලින්කුවෙන් කියැවිය හැකියhttps://m.facebook.com/story.php?story_fbid=pfbid02qhX3r6QWfg6SuuGJXK1fGuHVkL2jr3jTLqjnjke9sByLRsiNKmLgQPZgjp7T3eH3l&id=100001522421326&mibextid=Nif5oz )

සංජය වනසිංහට එරෙහිව ලියු එම ලිපියේ ,ඔහු ලුතිනන් කර්නල් නිලය දක්වා යුද හමුදාපති තාත්තා බලගෙත් බවත් එතැන් පසු බලා ගත්තේ ජෙනරාල් ශවීන්ද සිල්වා බවට ඇති සඳහන වැඩියෙන් අදාල වන්නේ විකුම් ලියනගේට බව යුද හමුදාවේ උසස් වීම් ගැන රාජකාරි කටයුතු කරන යුද ලේකම් කාර්යාලයේ සේවය කළ ජ්‍යේෂ්ට හමුදා නිලධාරියකු “සතියට” කීය.  විනය කඩකිරිම හේතුවෙන් උත්තම සේවා හා විශිෂ්ට සේවා විභුෂණ පදක්කම් අහිම් එකම හමුදාපති වු විකුම් ලියනගේ තරු දෙකේ ජෙනරාල් නිලයට උසස් කර අවසානයේදි ඔහුට හමුදාවේ දෙවැනි පුටුව දුන්නේ ශවින්දා සිල්වා බව රහසක් නොවේ. 

කෙසේ නමුදු මේ අසත්‍ය ප්‍රචාර පිටුපස සිට්න්නේ කවුදැයි රහසක් නොවන්නේ එහි ඇති කරුණු විශ්ලේෂණය කරන විටය.. යුද හමුදාවේ ඉතිහාසය නොදන්නා අයෙක් තරැ තුනේ ජෙනරාල් වරයකුගේ කීමට එය ලියා ඇති බව පැහැදිලිය. ජනපතිවරයා පවා ගෞරවනීය ලෙස සලකන ලංකාවේ ජ්‍යේෂ්ටතම කර්තෘවරයා ඇතුළු ජ්‍යේෂ්ටතම යුද පුවත් වාර්තාකරුවන් නොසලකා නොවැදගත් වෙබ් අඩවි වල සේවය කරන මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා අයට යුද හමුදපති දුන් විස්කි පාටියේ කළෙහි ගුණ දැන් එම වෙබ් අඩවි වලින් එළිදකිම්න් ඇති බව පෙනෙන්නට තිබේ . යුද්ධයේ දී මුලින්ම මියයන්නේ සත්‍යය සේද විස්කි වලට සත්‍යය විකෘති කළ හැකි බව දැන්නම් පැහැදිලිය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *