රංගේ නිසා රවී කණස්සල්ලෙන්

  • By editor
  • January 11, 2024
  • 0
  • 108 Views

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස පාලිත රංගේබණ්ඩාර මහතා යළිත්වරක් පත්කිරීම නිසා රවී කරුණානායක මහතා කණස්සල්ලට පත්ව ඇති බව වාර්තා වේ.

පක්ෂ මහලේකම් තනතුර රවී කරුණානායක මහතා බලාපොරොත්තුවෙන් සිට ඇති අතර ඉන් නොලැබීමෙන් එජාප නායකත්වය ගැන දැඩි කනස්සල්ලෙන් සිටින බව එජාප ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

මේ පිළිබඳව කරුණානායක මහතා ඔහුට හිතවත් එජාප ප්‍රබලයන් කිහිප දෙනෙකුටම දැනුම් දී ඇති බවද වාර්තා වේ

එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති පක්ෂ කළමනාකරණ කමිටු රැස්වීමේදී 2024 වසර සඳහාත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් පාලිත රංගේ බණ්ඩාර මහතාවම පත්කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *