මෙරට පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල්, මධ්‍යම බෙහෙත් ශාලාවන් කිහිපයක්ම ඉදිරි සති දෙකෙන් පසුව වසා දැමීමට සිදු වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා තිබේ.
ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ සිටිය යුතු වෛද්‍යවරුන් සංඛ්‍යාව වඩා අඩු සංඛ්‍යාවකට පවතින රෝහල්, ඖෂධ නොමැති රෝහල්, රසායනාගාර පරීක්ෂණ කරගැනීමට නොහැකි රෝහල් වල තත්වය පදනම් කරගෙනය.
වැසි යාමේ අවදානමක් මතුව ඇති කුඩා රෝහල සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ විශේෂ සමීක්ෂණයක් සිදු කර අවශ්‍ය දත්ත රැස්කර කරන බව ද එම සංගමය සදහන් කර තිබේ.