රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙදරයි – හිටපු සභාපති බලය ඇල්ලීමේ කුමන්ත්‍රණයක

  • By editor
  • May 2, 2023
  • 0
  • 70 Views

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය බරපතල බෙදීමට ලක්ව ඇති අතර හිටපු සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය නැවත වරක් එම සංගමයේ බලය ඇල්ලීමට සූදානම් වන බවට විශ්වාසදායක ආරංචිමාර්ග අනාවරණය කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපති අනුරුද්ධ පාදෙනියට හිතවත් දැනට උප සභාපතිවරයකේ ලෙස කටයුතු කරන අයෙක් සභාපතිවරයා බවට පත් කිරීම සදහා දැනට සභාපතිවරයා ලෙස කටයුතු කරන දර්ශන සිරිසේනට එරෙහිව දැවැන්ත කැරැල්ලක් ආරම්භ කර ඇතැයිද ආරංචිමාර්ග පවසයි.

මෙම සටන නිසා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කොටස් තුනකට කැඩි වෙන්වී තිබෙන බවද වාර්තාවේ.

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තනතුරු වෙනුවෙන් පැවැත්වෙන නිලවරණයට දේශපාලන අනුග්‍රහය ලබන වෘත්තීය සමිති සාමාජිකයින් ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත. ඔවුන් එම නිවේදනය නිකුත් කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉලක්ක කරගනිමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *