රටම කළුවරේ තැබීමට විදුලිබල ඇමති, ලේකම් සහ සභාපති වගකිවයුතුයි – අවුරුද්දක් පැරණි නිර්දේශ ක්‍රියාත්මක කර නෑ.

  • By editor
  • December 10, 2023
  • 0
  • 80 Views

රටපුරා ඊයේ සිදුවූ විදුලි බිඳවැටීමට විදුලිබල සහ බල ශක්ති අමාත්‍ය කන්චන විජේසේකර, එම අමාත්‍යංශයේ ලේකම් එම්.පී.ඩී.යු.කේ. මාපා පතිරණ සහ විදුලිබල මණ්ඩලයේ සභාපති එන්.එස් ඉලංගකෝන් යන තිදෙනා වගකිවයිතු බව විදුලිබල ක්ෂේස්ත්‍රයේ වෘත්තීය සමිති පවසති.

බියගම විදුලි බෙදුම් මධ්‍යස්ථානයට කොත්මලේ සිට විදුලිය ගෙනෙනා  අධි සැර සම්ප්‍රේෂණ රැහැනකට අකුණු සැර වැදීමක් නිසා මෙම විදුලි බිඳවැටීම සිදුවු බවත්, එක ස්ථානයක සිදුවෙන බිඳවැටිමක් නිසා රටේම විදුලිය බිඳවැටීම බරපතල තත්ත්වයක් බවත් ඕවුහු පවසති.

මීට සමාන බිඳවැටීමක් 2021 දෙසැම්බර් මස 3 වනදා සිදු වූ බවත් එම අවස්ථාවේ එවැනි බිඳවැටීම් යළි ඇති නොවනු පිනිස ගතයුතු ක්‍රියාමාර්ග ඇතුලත් අංක 2296/38 දරණ ගැසට් නිවේදනය 2022 සැප්තැම්බර් 9 වනදා නිකුත් කර ඇතිබවත් පවසන ඕවුහු ඊට අදාල පියවර නොගැනීම නිසා ඊයේ රාත්‍රියේ මුළු රටම අඳුරේ තැබීමට සිදුවූ බවත් පවසයි. 

එම ගැසට් නිවේදනය මගින් විදුලි පද්ධති බිඳවැටීමට හේතුවන ආරක්ෂක පද්ධතීන් වැඩි දියුණු කිරීම, බියගම මධ්‍යස්ථනයේ ධාරිතාව වැඩි දියුණු කිරීම, විදුලි පද්ධතීන්ගේ ආරක්ෂක බිඳවැටීම් (Trip) වළකාලිමට අවශ්‍ය වැඩි දියුණු කිරීම් සිදු කිරීම, ආරක්ෂක ක්‍රම පිළිබඳ සේවකයන් දැනුවත් කිරීම යන විසඳුම් ක්‍රියාත්මක කිරීම කඩිනම කරන්නැයි නිර්දේශකර ඇතිමුත් අමාත්‍යවරයා හෝ අමාත්‍යංශ ලේකම් ඊට අදාල පියවර ගෙන නැතිබව  විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග පවසයි. විදුලි ගාස්තු අත්තනෝමතික ලෙස ඉහළ දැමීමට දක්වන උනන්දුව විදුලි බල සේවාව නගාසිටවීමට අමාත්‍යවරයා හෝ ඉහළ නිළධාරීන් නොදක්වන බව විදුලි සේවකයෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *