රටම කළුවරේ – හේතුව මෙන්න

  • By editor
  • December 9, 2023
  • 0
  • 497 Views

පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක් හේතුවෙන් රට පුරා විදුලිය විසන්ධි වී ඇති බව විදුලි බල මණ්ඩල උසස් නිලධාරියෙකු සදහන් කළේය.

කෙසෙවෙතත් මේ වනවිට විදුලිය යථාතත්වයට පත්කිරීමට කඩිනමින් පියවර ගනිමින් සිටින බව ද හෙතෙම සදහන් කළේය.

එසේම විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පනත් කෙටුම්පත දෙසැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර එය ජනවාරි මස දක්වා කල් තබන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා සදහන් කර තිබුණි.

මෙම පනතට විරුද්ධත්වය පළකරමින් එම මණ්ඩලයේ  කඩාකප්පල්කාරී පිරිසක් විසින් විදුලිය විසන්ධි කිරීමේ ක්‍රියාවලිය පිටුපස සිටින බව ද ඇතැමෙක් චෝදනා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *