එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 250 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන චාමර ගුණසේකර නමැති පුද්ගලයා පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (26 වැනිදා) වනතුරුත් සමත් වී නැත.
එමෙන්ම මෙම මුදල් තැන්පත් කළ බව කියන එංගලන්තයේ බැංකුව පිළිබඳව හෝ එම ගිණුම පිළිබඳව කිසිදු තොරතුරක් මේ වනතුරුත් සොයා ගැනීමට හැකි වී නැත.
මේ අතර වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මාධ්‍ය වෙත මෙසේ පැවසීය.
ගූගල් සර්ච කරපුවාම චාමර ගුණසේකර හොයනකොට ඉස්සෙල්ලාම එනවා විජේදාස රාජපක්ෂගේ ෆොටෝ එක. දෙවෙනියට එනවා ගෝඨාභය රාජපක්ෂගේ ෆොටෝ එක. ලෝකයම දැන් දන්නවා මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා කියලා. වන්දිය දෙන්න ඕනේ රක්ෂණ සමාගම්.