රට බංකොලොත් කළේ අපි නෙමේ – මහින්ද රාජපක්ෂ 

  • By editor
  • November 16, 2023
  • 0
  • 102 Views

පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අනුව තමන්ද ඇතුළු හත්දෙනෙකු මෙරට ආර්ථිකය කඩාවැටීමට වග කිව යුතුය යන්න තමන් නොපිළිගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් වග උත්තර බැඳීමට තමන් සූදානම් බව ද හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර දළදා මාලිගාවට වැදපුදා ගැනීමට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනය ඉතා ඉහළින් පැවැත්වීමට තමන් මේ දිනවල සූදානමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *