රත්තරං හොරකම් කළ නේචර් සීක්‍රට් සේවිකාව අල්ලයි

  • By editor
  • July 4, 2023
  • 0
  • 185 Views

රුපියල් කෝටි 10ක ට අධික වටිනකමකින් යුත් රත්තරන් ජෙල් ද්‍රවණයක් අඩංගු පාර්සල් 04ක් සගවාගෙන යමින් සිටි නෙචර් සීක්‍රට් අලෙවිකරණ සේවිකාවක් ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණිය කටුනායක ගුවන් තොටුපළ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ නේචර් සීක්‍රට් අලෙවි ආයතනයේ සේවිකාවකි.

ඇය එම රත්තරන් ජෙල් අඩංගු පාර්සල් කිහිපය තම සිරුරේ රහස් ප්‍රදේශයේ සගවාගෙන යමින් සිටියදි මෙලෙස අත් අඩංගුවට පත්ව තිබෙන අතර රත්තරං තොගය රේගු නිලධාරින් භාරයට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *