මහනුවර අධිකරණයේ නඩුවක් ගොනු කර ඇත්තේ ආදරය වැඩිකමට තමන්ගේ රසිකාවියක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි.
එම නඩුව වෙනුවෙන් මහනුවර අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණෙන් සිවිල් කාරණයක් අපරාධ නඩුවක් බවට පෙරළාගෙන විවාහ වෙන්න පොරොන්දු දී කඩ කිරීම යන චෝදනාව එල්ල කරමින් නඩුව පවරා ඇති බවත් හෙතෙම කියා සිටී.
එමෙන්ම තමන් විවාහ නොවී තනිකඩව දිගටම සිටින බවට තීරණය කර ඇති බවද හෙතෙම තවදුරටත් එහිදී පැවසීය.