රනිල්ගෙ පස්සෙන් පොහොට්ටු මන්ත්‍රීවරුන් ඇමරිකාවට

  • By editor
  • September 20, 2023
  • 0
  • 126 Views

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා සහ තවත් විශේෂ හමුවීම් කිහිපයක් ඉලක්ක කරගනිමින් විදේශ ගතවුණු ජනාධිපතිවරයා සමග පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ද එක්ව සිටියහ.

ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ,රෝහිත අබේගුණවර්ධන,ප්‍රේමනාත් සී දොලවත්ත සහ අම්පාර දිස්තික් මන්ත්‍රී මොහොමඩ් මුෂාරෆ් යන මන්ත්‍රීවරුන්ද මෙම සංචාරය සඳහා එක්විය.

කෙසෙවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ විදෙස් සංචාරය සඳහා එක්වීමට නියමිතව තිබු සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙකුට ඊට එක් නොවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් දැනුම් දී ඇතැයි වාර්තා විය.

මේ සඳහා සජබ මොණරාගල මන්ත්‍රී එච්.එම්.ධර්මසේන,වඩිවේල් සුරේෂ් මහතා ඇතුළු කිහිපදෙනෙකු සහභාගී වීමට නියමිතව තිබුණා.

පක්ෂයේ දැනුම්දීම ගණන් නොගෙන වඩිවේල් සුරේෂ් මහතා පමණක් මේ සඳහා එක්විය.

මෙම දූත පිරිස හෙට යලි දිවයිනට පැමිණීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *