ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද අය වැයට විරුද්ධ විය හැක්කේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණක් බව රාජිත සේනාරත්න සදහන් කර තිබේ.
එම අයවැය යෝජනාවලියේ වරදක් තමන් නොදකින බව ද ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.
‘මේ අයවැය ලේඛනයේ වැරැද්දක් නෑ. මේකෙන් හැම කේෂ්ත්‍රයටම යම් ප්‍රතිපාදනයක් ලබාදීලා තියෙනවා.
ඉඩම් ගැන යෝජනාව මම 2002 දී ගෙනාවේ. ඒකම 2015 දී ගයන්ත මන්ත්‍රීතුමා ගෙනාවා. ඒ වගේම මේ බජට් එක UNP බජට් එකක්.
මේකේ බොහෝ දේවල් UNP එකට කරන්න බැරි වුණ දේවල්. මේකට විරුද්ධ වෙන්න පුළුවන් වෙන්නේ පොහොට්ටුවේ අයට විතරයි’
කෙසේ වෙතත් සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අයවැයට විරෝධය පළකර තිබේ.