රනිල්ට යකා නගී – බටහිර මාධ්‍ය සමග උණුසුම් සංවාදයක

  • By editor
  • October 3, 2023
  • 0
  • 91 Views

ජර්මන් ප්‍රවෘත්ති නාළිකාවක් වන DW news සමග පැවැති සාකච්ඡාවක් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිවේදකයා අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නේ දැයි මාධ්‍යවේදියා නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසන්නේ ලංකාව කිසිදු ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා නොයන බවයි.

ඇමරිකානු FBI ඔත්තු සේවාව මෙම ප්‍රහාරය සඳහා වෙනත් පාර්ශ්වයක් සම්බන්ධ නැතැයි තහවුරු කර ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

බටහිර මාධ්‍ය අනෙක් රටවල් දෙවන පන්තියේ ලා සලකන බවත් අනෙකා වැරදි යැයි සිතන බවත් එම පුරුද්දෙන් මිදිය යුතු බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

asian mirror

Leave a Reply

Your email address will not be published. Required fields are marked *