රනිල්ට සහය දෙන මාධ්‍ය ආයතයකින් ජ.වි.පෙට කෝටි පහක තෑග්ගක්.

  • By editor
  • January 28, 2024
  • 0
  • 97 Views

අලුතින් රූපවාහිනී සහ පුවත්පත් ආරම්භ කළ මාධ්‍ය ආයතන ප්‍රධානියෙක් ජනතා විමුක්ති පෙරමුණට රුපියල් කෝටි පහක මුදලක් ලබාදී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.

මාධ්‍ය ආයතන ප්‍රධානියාගේ නියෝජිතයෙක් ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලය වෙත ගොස් මෙම මුදල ලබාදී ඇති බවද අනාවරණය වේ.

ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි දේශපාලන කටයුතු සදහා මෙම මුදල ලබාදී ඇති බවද වාර්තා වේ.

කෙසේ නමුත් ඉදිරි ජනාධිපතිවරණයකදී මෙම මාධ්‍ය ආයතනයේ සියලුම නාලිකාවල සහාය ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිතව තිබෙන බවද ඒ බව ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *