රනිල් එජාප කළමණාකරුවන් නුවරඑළියට කැඳවයි.

  • By editor
  • December 11, 2023
  • 0
  • 97 Views

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආහාර සුරක්ෂිතතා උපදේශක ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ දිනවල ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයට නොපැමිනෙන බව වාර්තා වේ. එහෙත් ඔහු ලබන ජනවාරියේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයට වාර්තා කිරීමටත්, ජනාධිපතිවරයාගේ ඉදිරි දේශපාලන කටයුතුවලට සහය දීමටත් නියමිත බව එම කාර්යාලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මේ අතර ජනධිපති රනිල් වික්‍රමසිංහ සිය වසරාවසාන නිවාඩුව ගත කරනුවස් නුවරඑළියේ සහ දියතලාවේ සංචාරයක යෙදීමට නියමිත අතර එක්සත් ජාතික පක්ෂයේ සියළුම කළමනාකාරවරුන්ද එහි කැඳවා ඇතිබව වාර්තා වේ. සියළුම දෙනා එක්ව සාකච්චාකර පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් සාමුහික වැඩ පිළිවෙලකට එලඹීම මෙහි අරමුණ බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *