රනිල් එපා කියන විරෝධතාවය ප්‍රදේශවාසීන් පළවාහරී

  • By editor
  • November 12, 2023
  • 0
  • 84 Views

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්වන ලෙස බල කරමින් නාරහේන්පිට, තිඹිරිගස්යාය පාරේ පිහිටි තෙරේසා දේවස්ථානය අසල පැවැත්වූ විරෝධතාවයක් ප්‍රදේශවාසීන් විසින් අද පස්වරුවේ පළවාහැර තිබේ.

මෙම දේවස්ථානයේ දේව මෙහෙයෙන් පසු විරෝධතාකරුවන් පහළොස්දෙනෙකු පමණ පුවරු ඔසවමින් විරෝධතාවයේ නිරත වී ඇත. එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් පිරිසක් ඔවුන්ට විරෝධය පළකරමින් පලවා හැර ඇත.

පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණ තොරතුරකින් කියවුණේ තිඹිරිගස්යායේ පදිංචි ඇන්තනී මාරියෝ සිව්වන් නැමැත්තෙකු විසින් ජන සහභාගිත්වයෙන් විරෝධතාවයක් පවත්වන බවයි.

මෙවැනි විරෝධතා අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා කොල්ලුපිටිය හා බම්බලපිටිය පැවැත්වීමට මෙම පිරිස සූදානම් වන බවට ද පොලිසියට තොරතුරු වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *