රනිල් ජනපති කරන්නට ප්‍රසන්න කැඳවූ රැස්වීමට බාල්දියක්

  • By editor
  • February 6, 2024
  • 0
  • 130 Views

ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායක ප්‍රසන්න රණතුංග විසින් කැදවූ දිවුලපිටිය සහ කටාන ආසන දෙකේ පළාත් පාලන මන්ත්‍රී හමුවට, දිවුලපිටිය ආසන සංවිධායක ඉන්දික අනුරුද්ධ බලහත්කාරයෙන් පැමිණ තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාගේ උඩුගම්පොල පිහිටි කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවති අතර සාකච්ඡාව කැදවා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදෙන බව ප්‍රකාශ කිරීම සදහාය.

ප්‍රසන්න රණතුංග විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයින් සමග එක්ව බිම් මට්ටමේ ජනතාව දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවක් අරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ සඳහා පළාත් පාලන නියෝජිතයින්ගේ සහාය ලබාගැනීමට නියමිත අතර ඒ අනුව මෙම ආසන දෙකේ පළාත් පාලන නියෝජිතයින් කැදවා තිබේ.

කෙසේ නමුත් මෙම සාකච්ඡාව සදහා කටාන ආසන සංවිධායක ඉන්දික අනුරුද්ධට, ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා විසින් කිසිදු ආරාධනාවක් කර නොමැත.  මෙසේ තමන්ගේ ආසනයේ පළාත් පාලන නියෝජිතයින් කැදවීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සදහා ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා උඩුගම්පොල පිහිටි ප්‍රසන්න රණතුංගගේ නිවසට පැමිණ තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *