රනිල් ජනපති කළ හේතුව සාගර කියයි

  • By editor
  • July 23, 2023
  • 0
  • 73 Views

ජනාධිපති ධුරයට රනිල් වික්‍රමසිංහ පත්කර ගත්තේ රටේ ආර්ථිකය නැංවීම සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම යන කාරණා දෙක වෙනුවෙන් පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

එමෙන්ම ඉන් බාහිරව ඔහු වෙනත් කාරණා වෙත යොමුවන්නේ නම් පක්ෂයක් ලෙස වැඩිදුරටත් කල්පනා කලයුතු බව ද හෙතෙම පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සදහන් කළේ

“අපි පක්ෂයක් හැටියට ගොඩනැඟුණේ මේ රටේ නිදහසෙන් පස්සේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම නායකයා වටා. ඔහු කරපු හැම සංවර්ධන කටයුත්තකදීම හොරා හොරා හොරා කියලා බොරු මතයක් සමාජගත කරලා එතුමාව ගෙදර ඇරියා. හැබැයි ඒ අඩිය පස්සට ගත්තේ මේ රට අතෑරලා යන්න නෙවෙයි. ඒ අවස්ථාවේදී බලය ලබාදෙන්න හිටපු සුදුසුම පුද්ගලයාට අපි බලය ලබාදුන්නා. අපි එතුමාගෙන් ඉල්ලුවා කාරණා දෙකක්, ඒ කාරණා දෙක වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගන්න තීන්දු තීරණවලදී අපි එතුමා වෙනුවෙන් පෙනී සිටිනවා. ආර්ථිකය නැංවීම සහ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම. නමුත් ඒ කාරණා දෙකෙන් බාහිරව එතුමා වෙනත් කාරණාවලට යොමුවෙනවා නම් පක්ෂයක් හැටියට අපට ඒ ගැන හිතන්න වෙනවා. මොකද 69 ලක්ෂයක් අපට බලය දුන්නෙ මේ රට බෙදන්න නෙවෙයි, රට ඒකීයව තියාගන්න. ඉන් වෙනස් වෙන කිසිම ගමනකට සහයෝගය දෙන්නෙ නෑ කියන එකත් මේ අවස්ථාවේදී කියනවා”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දඹදෙණිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *