රනිල් ජනාධිපතිවරණයට එන බව ඇමතිවරුන්ට දැනුම් දෙයි

  • By editor
  • December 18, 2023
  • 0
  • 139 Views

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ජනාධිපති කාර්යාලයේ දී අද පැවති කැබිනට් මණ්ඩල හමුවෙන් පසුව අමාත්‍යවරුන් සමග පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබේ. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් ද සහභාගී වී ඇත.

එසේම ලබන ජනවාරි මස මුල සිටම ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් වැඩ එහි ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමටත් ඒ සදහා යෝජනා ඉදිරිපත් කිරීමටත් මෙහිදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.

මේ දිනවල කතාබහට ලක් වන වැට් බදු ප්‍රශ්නය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇති අතර එහිදී ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ එම අර්බුදය ලබන වසරේ මැදභාගය වනවිට අවසන් කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *