රනිල් හිරේ දාන්න යෝජනා කළ ටිල්වින් සිල්වාගේ ජනහමුවට හෙන ගහලා

  • By editor
  • November 13, 2023
  • 0
  • 163 Views

ජාතික ජන බලවේගයේ හතරලියද්ද ප්‍රදේශයේ දී පැවති මහජන හමුවක දී එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සභාව අමතමින් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හිරේ දැමිය යුතු බවට සදහන් කර තිබේ.

එලෙස සදහන් කරනවාත් සමගම එම ප්‍රදේශයට විශාල අකුණක් ගසා ඇති අතර ඔහු සභාව අමතමින් සිටි මයික්‍රපෝනය ද පිළිස්සී විදුලිය ද විසන්ධි වී ඇත.

මෙම ජන හමුව සදහා විශාල ජනතාවක් ද එක්ව තිබේ. එහිදී ටිල්වින් සිල්වා මහතා සදහන් කර ඇත්තේ ව්‍යවස්ථාවට අනුව ඉදිරි ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි බවත් ජනපති ධූරය දරමින් සිටින අවස්ථාවකදී ජනාධිපතිවරයා මියගියහොත් එම බලය අගමැතිවරයාට හිමිවන බවත් සදහන් කර ඇත.

කෙසෙනමුත් වත්මන් ජනපති ඒ ආකාරයෙන් මිය යාමට තමන් ප්‍රාර්ථනා නොකරන නමුත් ඔහු හිරේ යා යුතු බව ටිල්වින් සිල්වා සදහන් කර තිබේ.

ඔහු එලෙස සදහන් කරනවාත් සමග විශාල අකුණක් ගසමින් අකැරතැබ්බියකට මුහුණ දී තිබේ.

යළිත් මයික්‍රපෝනය සකස් කර ජනතාව අමතන්නට විනාඩි 15ක ට අධික කාලයක් ටිල්වින් සිල්වාට ගත වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *