හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක එම ධූරයේ සිටියදී ඔහුගේ පුද්ගලික ව්‍යාපාරයක් සඳහා රුපියල් කෝටි 1,000ක රජයේ මුදල් යොදවා වංචා කර ඇතැයි කියන සිද්ධියකට අදාළව මුදල් අමාත්‍යාංශයේ විෂය ලිපිකරුවකුගෙන් ප්‍රකාශක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.
මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය පරිපාලන සේවා නිලධාරි රණසිංහ ආරච්චිගේ දොන් අසේල ප්‍රියංකර වීරසූරිය නමැත්තියගෙන් ඒ අනුව ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත ය.
සිංප්පූරුවේ ස්ථාපිත කර ඇති නැව් භාණ්ඩ සැපැයුම් සමාගමක මව් ශාඛාවේ විධායක නිලධාරි දොන් සිරිල් රොද්‍රිගු යන අයට ඉකුත් 2015 සැප්තැම්බර් මස 2 වැනිදා සිට 2016 ජුනි මස 20 වැනිදා අතර කාලයේදී කොළඹ හිල්ටන් හෝටලයේ නවාතැන් පහසුකම් සලසා, ඊට අදාළ වියදම් මුදල් අමාත්‍යාංශයෙන් ගෙවීම හිටපු අමාත්‍යවරයා සිදු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
එම සිංගප්පූරු සමාගමේ මෙරට අධ්‍යක්ෂවරයා වශයෙන් සිටි හිටපු අමාත්‍ය රවි කරුණානායක යන අය මෙරට මුදල් අමාත්‍යවරයාව සිටිමින් සිය අමාත්‍ය බලතල උපයෝගි කරගනමින් මෙම රුපියල් කෝටි 1,000ක මුදල මුදල් අමාත්‍යාංශයෙන් පියවා, රජයට වංචා කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.