රවී – රංගේ කඹ ඇදිල්ල නිසා සිරිකොත දෙදරයි!

  • By editor
  • October 9, 2023
  • 0
  • 197 Views

එක්සත් ජාතික පක්ෂ සංවත්සර උත්සවයේදී මහ ලේකම් තනතුර වෙනස් කර ඒ සදහා රවී කරුණානායක පත් කිරීම පිළිබඳව ඇතිවූ කතාබහ නිසා එම පක්ෂයේ ආසන සංවිධායකයින් අතර මත බේදයක් ඇති වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව බස්නාහිර පළාත නියෝජනය කරන බොහෝ සංවිධායකයින්ගෙන් දැඩි විරෝධයක් රවී කරුණානායක වෙත එල්ල වී ඇති බවත් එම නිසා තනතුර වෙනස් නොකරන ලෙස ඔවුන් පක්ෂ නායකත්වයට දැනුම් දී තිබෙන බවත් වැඩිදුරටත් වාර්තා වේ.

එසේ නැත්නම් ඔවුන් දේශපාලන තීන්දුවක් ගන්නා බවට අනතුරු අඟවා ඇත.

කෙසෙවෙතත් පාලිත රංගේබණ්ඩාර මහතාද සිය තනතුර ආරක්ෂා කර ගැනීම සඳහා වෙනම ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *