රාජාංගනයේ සද්ධාරතන හිමිගේ විහාරස්ථානය ඉදිකිරීමට එංගලන්තයේ දානපතියකු විසින් බැංකු ගිණුම්වලට බැරකළ රුපියල් කෝටි අටක් අස්ථාන ගත කළ බවට වූ චෝදනාව සම්බන්ධයෙන්ද එහිමියන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇත.
එම මුදල් යූ ටියුබ් ක්‍රියාකාරිකයකු හා ටෙලි නළුවකු වන පුද්ගලයකු සමග එක්ව සද්ධාරතන හිමියන් මුදල් ලබාගෙන ඇති නමුත් මෙතෙක් විහාරස්ථානය ඉදිකර නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී තිබේ.
