රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

  • By editor
  • May 29, 2023
  • 0
  • 90 Views

සමාජ මාධ්‍ය ඔස්සේ ආගමික සංහිඳියාවට හානිකර වන පරිදි ප්‍රකාශ නිකුත් කළ රාජාංගනේ සද්ධාරතන හිමි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙසේ එම හිමිනම අත් අඩංගුවට ගෙන ඇත.

අද (29) දිනයේදී එම හිමිනම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ආගමික සංහිදියාව බිද දමමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් ගෙන යන තවත් පුද්ගලයින් සම්බන්ධයෙන්ද විමර්ෂන පැවැත්වීමට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *