රාජිතගෙන් නිදහසට කරුණු විමසයි

  • By editor
  • April 16, 2023
  • 0
  • 69 Views

රාජිත සේනාරත්න විසින් මාධ්‍ය තුළින් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් කඩිනමින් නිවේදනයක් නිකුත් කරන ලෙස සමගි ජනබලවේගය පක්ෂයෙන් ඔහු වෙත දැනුම් දී තිබේ.

සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මාධ්‍ය හමුවක දී සඳහන් කරනු ලැබුවේ රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවට එක්වන බවට පළවූ මාධ්‍ය වාර්තා සියල්ල ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බවය.

ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට සහාය පළකරන බවට කිසිදු ප්‍රකාශයක් තමන් විසින් සිදුනොකළ බවත් මාධ්‍ය මගින් එය විකෘති කර ප්‍රචාරය කර ඇති බවත් රාජිත සේනාරත්න මහතා එහිදී ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *