සෞඛ්‍ය ඇමති කෙහෙළියට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංගය ජයග්‍රහනය කරවීමේ වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ බාරගෙන ඇත. පසුගිය සඳුදා පැවති අමාත්‍යමණ්ඩළ රැස්වීමේදී ජනාධිපතිවරයා පවසා ඇත්තෙ මෙය ජයගැනීමට සියළු දෙනා දායක විය යුතු බවයි . ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා ලබන මස 5 – 6 දෙදින තුළ අණ්ඩුවේ සියළු මන්ත්‍රීවරුනට පාර්ලිමේන්තුවට පැමිණීම අනිවාර්ය කර ඇති අතර විදේශ සංචාරද තහනම් කර ඇතයි ආණ්ඩුවේ මන්ත්‍රීවරු පවසති.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වස භංග යෝජනා ගෙන එන්නේ සෞඛ්‍ය ක්ෂ්‍ර්‍ර්ස්ත්‍රයේ මතුවූ විවීධ අර්බුද රැසක් හේතුවෙනි, තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන ඒම, ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයන සහ නිෂ්පාදනය මගින් රෝගීන්ගේ ජීවිත අනතුරට පත්වීම ඒ අතර වෙයි.
මෙම විශ්වාසභංග යෝජනට පෙර සෞඛ්‍ය අමාත්‍ය ධූරය හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් වන සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්නට ලබාදිමට ජනධිපතිවරයා පොරොන්දු වී තිබුනද එම පොරොන්දුව ඉටු වූයේ නැත. එම නිසා රාජිත සේනාරත්න මනත්‍රීවරයා නැවතත් සමගි ජන බලවේගයේ දේශපාලන කටයුතු වලට යෙමුවෙමින් සිටිනු දකගත හැකි විය .
ජනාධිපතිවරයාගේ මෙම දෙබිඩි පිළිවෙත හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ කනස්සල්ලට හේතු වී ඇත . විශ්වාස භංගය ජයගැනීමෙන් අනතුරුව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තව දුරටත් සෞඛ්‍ය අමාත්‍ය ධූරය හොබවනු ඇතිබව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මෙම විශ්වාසභංගය පැහැඳිළි බහුතරයකින් ජයගත හැකි බව ආණ්ඩුව විශ්වාස කරනා බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.