රාජිත ප්‍රකාශයක් නොදී පනියි

  • By editor
  • April 24, 2023
  • 0
  • 63 Views

ඉදිරියටත් සමගි ජන බලවේගයේ සමඟ එක්ව කටයුතු කරන්නේ යයි ප්‍රකාශ කරන ලෙස එම පක්ෂ නායකයන් විසින් රාජිත සේනාරත්නගෙන් කරන ලද ඉල්ලීමක් මෙතෙක් ඉටු කර නොමැති බව වාර්තා වේ.

එයට විරුද්ධ වෙමින් නායකත්වයේ ඉල්ලීම මත එම ප්‍රකාශය නිකුත් කරනු වෙනුවට එවැනි ප්‍රකාශයක් නිකුත් නොකරන බවට ඇතැම් ස්ථානවල මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇතැයිද දැනගන්නට තිබේ.

පක්ෂයේ මතය නොතකමින් රාජිත සේනාරත්න මහතා කටයුතු කිරීම මත ඔහු සම්බන්ධයෙන් පක්‍ෂ නායකයන් තුළ දැඩි අප්‍රසාදයක් හා කලකිරීමක් ගොඩනැගී ඇතැයිද පක්ෂයේ අභ්‍යන්තර වාර්තා කියා සිටී.

පක්‍ෂ මාරුවක් ගැන පැතිරෙන තොරතුරු මත පක්ෂය සමඟ දිගින් දිගටම දිගටම කටයුතු කරන්නේ යැයි ප්‍රකාශයන් නිකුත් කරන්නැයි සමගි ජන බලවේගය ප්‍රධානීන් සේනාරත්න මහතාගෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *