රාමඤ්ඤ නිකායේ මහා නාහිමිට නිලරථයක් ඉල්ලා ජනපති ලේකම්ට ලිපියක්

  • By editor
  • June 14, 2023
  • 0
  • 112 Views

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නායක හිමිපාණන්ට සුදුසු නිලරථයක් ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් වෙත ලිපියක් යොමුකර තිබේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා ලේඛනාධිකාරී නාහිමි විසින් මෙම ලිපිය ජනපති ලේකම් වෙත යොමුකර තිබූහ.

රාමඤ්ඤ මහා නිකායේ නාහිමි වෙත රජය විසින් මීට පෙර ලබා KU 1788 දරණ වාහනය ලබා දී තිබුණ ද එය මේ වනවිට භාවිතයට නුසුදුසු තත්වයෙන් පවතින බවත් එය නැවත ජනාධිපති කාර්යාලයට පවරාගෙන වෙනත් සුදුසු වාහනයක් උන්වහන්සේට ලබා දෙන ලෙසත් එම ලිපිය මගින් ඉල්ලා තිබේ.

විහාරස්ථාන 2000ක ට අධික ප්‍රමාණයක් හා 9000ක ට අධික භික්ෂූන් වහන්සේලා ප්‍රමාණයක් නාහිමි යටතේ පාලනය වන බැවින් එකී කටයුතු සදහා උන් වහන්සේට නිතිපතා විහාරස්ථානයන්ට වැඩම කිරීමට සිදුවන බැවින් ස්ථීර නිලරථයක් ලබාදෙන ලෙස වැඩිදුරටත් ඉල්ලා තිබූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *