රාමසාන් දවසේ ත්‍රස්ත ප්‍රහාරයක්?

  • By editor
  • April 20, 2023
  • 0
  • 63 Views

රාමසාන් දිනයේ දී මහනුවර, අකුරණ මුස්ලිම් දේවස්ථාන ඉලක්ක කරමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු තොරතුරක් මත එම කොට්ඨාසයේ මුස්ලිම් දේවස්ථාන 203කට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත.

ඊට අමතරව දේවස්ථාන මූලික කර ගනිමින් විශේෂ පරික්ෂා කිරීම්ද සිදු කරමින් සිටින බව පොලීසිය සඳහන් කරයි.

එමෙන්ම බුර්කා පළඳින කාන්තාවන්ද විශේෂ සෝදිසියකට ලක් කරන කරන අතර හැඳුනුම්පත රැගෙන ඒම ද අනිවාර්ය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කරන්නේ අදාළ තොරතුර තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රදේශයේ පුළුල් මෙහෙයුම් දියත් කරමින් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *