රිජ්වේ ආර්යා ළමා රෝහලෙත් CT ස්කෑන් ඇණහිටී

  • By editor
  • October 10, 2023
  • 0
  • 79 Views

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සී.ටී ස්කෑන් පරීක්ෂණ සේවාව සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමය සදහන් කරයි.

ඊට හේතුව වන්නේ සී.ටී ස්කෑන් යන්ත්‍රයට අදාළ ආයතනය සමග සේවා ගිවිසුම වසර දෙකකින් අලුත් නොකිරීම එහි නඩත්තු කටයුතු බිඳවැටීමට බව ද එම සංගමය පෙන්වා දේ

මේ අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසුවේ සී.ටී ස්කෑන් යන්ත්‍රයේ බැටරි පද්ධතිය සඳහා විකල්ප ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර දින කිහිපයක් තුළ යන්ත්‍රය ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒමට පියවර ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *