රිෂාඩ් ගෝඨාභයට එරෙහිව නඩු මගට

  • By editor
  • December 1, 2023
  • 0
  • 109 Views

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහි නඩු පවරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සදහන් කරයි.

තමන් වැරදි ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම හේතුවෙන් මේ ආකාරයෙන් නඩු පවරන බව හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු සදහන් කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ  අධ්‍යක්ෂවරයා එක්ව දේශපාලන වාසි තකා තමන්ව කොටුකර වසර 05ක් සිරගත කර තැබීමට සැලසුම් කර තිබූ බවයි.

තමන්ව වැරදි ලෙස රඳවා තබා ගැනීමට එරෙහිව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සියලුම නිලධාරීන්ට එරෙහිව ලබන සතියේ නඩු පවරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ප්‍රකාශ කළේය.

නඩුව පවරා එම පුද්ගලයන්ගෙන් වන්දි ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *