රුපියල් 3500ක ට මිතුරා ඝාතනය කරයි

  • By editor
  • November 30, 2023
  • 0
  • 192 Views

උලකින් ඇන පුද්ගලයකු ඝාතනය කළ සිද්ධියක් සපුගස්කන්ද ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

සිය මිතුරා ගෙන් ලබා ගැනීමට තිබුණු රුපියල් 3,500ක මුදලක් ලබා ගැනීමට යාමේ දී ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු කර ඇත.

ගේට්ටුවක් සාදා දී ලබා ගැනීමට ඉතිරි ව තිබූ රුපියල් 3,500ක හිඟ මුදල ලබා ගැනීමට එන ලෙස කළ ඉල්ලීමට මියගිය පුද්ගලයා සිය මිතුරා ගේ නිවසට ගොස් ඇත.

එම අවස්ථාවේ දී මෙම කතාබහ ඇති වී තිබෙන අතර, මරණකරු කිරිබත්ගොඩ රෝහලට රැගෙන යාමේ දී මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා වෙළෙඳාම් කටයුතුවල නිරත වන රොෂාන් චමින්ද නැමැති 41 හැවිරිදි තිදරු පියෙකි. 

සැකකරු ඊයෙ හවස සපුගස්කන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *