රුවන්වැලි මහා සෑයේ ගැටළුව විසදේ

  • By editor
  • July 14, 2023
  • 0
  • 141 Views

රුවන්වැලි මහ සෑයේ නව චූඩා මාණික්‍ය පැළඳවීම සම්බන්ධයෙන් යූ ටියුබ් නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් අසත්‍ය ප්‍රකාශ සිදුකළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. 

පෙර පැවති චූඩා මාණික්‍යය පළුදු වී දුර්වර්ණ වී තිබීම හේතුවෙන් රුවන්වැලි මහා සෑයට රන්පාදමක් සහිත නව චූඩා මාණික්‍යය පැළඳවීම 2019 වසරේ නොවැම්බර් මාසයේදී සිදුකෙරුණි.

එම චූඩා මාණික්‍ය සම්බන්ධයෙන් හා වංචා සිදු වූ බව පවසමින් පුද්ගලයන් දෙදෙනෙකු සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රකාශ කර තිබූ බව පවසමින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට එවක රුවන්වැලි මහා සෑ චෛත්‍යරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිනිල්ලක් කර තිබුණි.

පසුව සිදුකල පරීක්ෂණ වල දී චූඩා මාණික්‍ය සම්බන්ධයෙන් ඔවුන් ප්‍රකාශ කල කරුණු අසත්‍ය බවත් එවැනි වංචාවන් සිදුවී නොමැති බවත් හෙළි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *