රුසියානු හමුදාවට වැරදිලා

  • By editor
  • April 21, 2023
  • 0
  • 62 Views

රුසියානු ප්‍රහාරක ජෙට් යානාවකට සිදු වූ අත්වැරදීමක් හේතුවෙන් යුක්රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියානු නගරයකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

යුක්රේන දේශ සීමාව ආසන්නයේ තිබෙන බෙල්ගොරොඩ් නගරයට මෙම ප්‍රහාරය එල්ල වී ඇත. ප්‍රහාරය හේතුවෙන් ඇති වූ පිපිරීමෙන් බෙල්ගොරොඩ් නගරයේ  ගොඩනැගිලි වලට හානි වී ඇති බවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් රුසියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබේ.

එස්යූ-34 සූපර් සොනික් ප්‍රහාරක ජෙට් යානාවක් බෙල්ගොරොඩ් නගරයට ඉහළ අහසේ පියාසර කරමින් සිටියදී අත් වැරදීමකින් බෝම්බයක් මුදා හැර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *