රුසියාව ඇමරිකානු තානාපති නිලධාරීන් දෙදෙනෙක් එළියට දමයි

  • By editor
  • September 15, 2023
  • 0
  • 145 Views

දින හතක් තුළ රුසියාවේ ඇමරිකානු තානාපති නිලධාරීන් දෙදෙනෙකුට එරටින් පිටවන ලෙසට රුසියාව දැනුම් දී තිබේ.

ඊට හේතුව ලෙස රුසියාව දක්වා ඇත්තේ රුසියාවට හානිකර වන තොරතුරු ලබාගැනීම සඳහා මෙම ඇමරිකානු තානාපතිවරුන් දෙදෙනා රුසියානු ජාතිකයකුගේ සේවය ලබාගෙන තිබීමයි.

ඩේවිඩ් බර්න්ස්ටයින් සහ ජෙෆ්රි සිලින් නම් වන මෙම තානාපති නිලධාරීන් දෙදෙනා රුසියානු ජාතිකයකු වන රොබර්ට් ෂොනොෆ් වෙතින් තොරතුරු ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇත. ඒ අනුව ෂොනොෆ් මැයි මසදී අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකර තිබේ.

කෙසේ වෙතත් ඔවුන්ට එරෙහිව එල්ලවන චෝදනා ඇමරිකාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *