යුක්රේනය හා රුසියාව අතර පවතින යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් වතිකානුව නිරන්තරව සාම මෙහෙයුමක නිරතව සිටින බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් නිවේදනය කර තිබේ.
පාප්වහන්සේ හංගේරියාවේ තෙදින නිල සංචාරයකින් අනතුරුව වතිකානුවට එමින් සිටියදී මේ බව මාධ්‍ය වේදීන්ට ප්‍රකාශ කර තිබූ අතර උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ මේ සම්බන්ධයෙන් හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් සහ බුඩාපෙස්ට්හි රුසියානු ඕතඩොක්ස් පල්ලිය නියෝජනය කරන බිෂොප්වරයෙකු වන මෙට්‍රොපොලිටන් හිලරියන් සමඟ තමන් යුක්රේනයේ තත්ත්වය පිළිබඳව වැඩිදුර තොරතුරු සාකච්ඡා කළ බවයි.