රූපවාහිනී නාලිකා වල රේටින්ග්ස් විජ්ජාව ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් හෙළිකරයි

  • By editor
  • June 1, 2023
  • 0
  • 108 Views

රූපවාහිනී නාලිකා ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය අක්‍රමවත් සහ පක්ෂග්‍රාහී බවත් එය නිවැරදි ක්‍රමවේදයක් නොවන බවත් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් සදහන් කර තිබේ.

පසුගිය දා රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මෙම අදහස් ප්‍රකාශ කළේය.

එමෙන්ම් ශ්‍රේණිගත කිරීම ගණනය කිරීම සඳහා දත්ත රැස් කිරීමේ අරමුණින් අහඹු ලෙස තෝරාගත් රූපවාහිනී යන්ත්‍ර 400 ක පමණ උපාංගයක් ස්ථාපනය කර ඇති බවය.

නමුත් ප්‍රධාන මාධ්‍ය ආයතන තුනක් මෙම උපකරණවලින් සමන්විත රූපවාහිනී යන්ත්‍ර 300ක් පමණ මිල දී ගෙන ඇත්තේ ගණනය කිරීම් සිදුකරන ආයතනවලට මුදල් ලබාදීමෙන් බවත් ඒ නිසා එකතු කරන දත්ත සාවද්‍ය බවත් ඔහු පෙන්වා දෙන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *