රේගුවේ අතිකාල දීමනා වංචාව එළියට

  • By editor
  • September 20, 2023
  • 0
  • 88 Views

ශ‍්‍රී ලංකා රේගුවේ අංශ හතරක සේවකයන් සති අන්ත සහ රජයේ නිවාඩු දින ද ඇතුළත්ව සෑම දිනකම සේවයට වාර්තා කර ඇති බවට සටහන් යොදා ඇති බවත් පැමිණීමේ සහ පිටවීමේ ලේඛන, අතිකාල ලේඛන සහ නිවාඩු ලේඛන පරීක්ෂාවේදී එය හෙළි වී ඇති බවත් ජාතික විගණන කාර්යාලය වාර්තාවක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

ඒ අනුව මෙම සේවකයන් දිනකට පැය විසි හතරක් දක්වා අතිකාල දීමනා නිසි සනාථ කිරීමකින් තොරව ඉහත ගෙවීම් කර ඇති බවත් ඒ සදහා රුපියල් කෝටි 320කට අධික මුදලක් පසුගිය වසරේදී ගෙවා ඇති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *