රොනී නිසා රනිල් ,මහින්ද ,කංචන හූවෙන් බේරෙති

  • By editor
  • March 5, 2024
  • 0
  • 196 Views

අභාවප්‍රප්ත හිටපු මුදල් ඇමැති රොනී ද මැල්ගේ අවමංගල උත්සවයෙන් දේශපාලනඥයන් රැසක් ගොඩේ ගොඩ ගිය පුවතත් සතියට වාර්තා වේ. ඒ අතර ජනපති රනිල් වික්‍රමසිංහ ,හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ,විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ද සිටිති.

මෙම පිරිස රෝනී ද මැල්ගේ අවසන් කටයුතු පැවැති රුහුණු විශ්ව විද්‍යාලයට ගොස් ඇති අතර විශ්ව විද්‍යාල සිසු සිසුවියන් රොනී ද මැල්ට කරන ගෞරවයක් ලෙස ඔවුන්ට විරෝධය දක්වා නැත. රැහුණු සරසවියේ නිර්මාතෘා රොනී ද මැල් නිසා රනිල් හා මහින්ද ඇතුළු පිරිසට සිසුන් හූ නොතිබූ බවත් එසේ නැති නම් මෙම දේශපාලනඥයන්ට සරසවියේ පස් පාගන්නට ඉඩ නොදෙන බව පෙරටුගාමී හා ජවිපෙ මෙහෙයවන ශිෂ්‍ය සංගම් පවසා තිබේ

අරගලයෙන් පසු මහින්ද රාජපක්ෂ මෙන්ම රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ගිය ගිය තැන ජනතාව හූ තැබිම හේතුවෙන් මහින්ද මෙවැනි අවස්ථා වලට නොගිය අතර රනිල් වික්‍රමසිංහහට මින් පෙර කැලණිය සරසවියේදි දැඩි විරෝධය පල විය. කංචන විජේසේකර ගේ පියා වන මහින්ද විජේසේකර ඇමැති ධුරය දැරු කාලයේ රැහුණු සරසවියේ නේවාසිකාගාරයේ සිටි ශිෂ්‍යාවක පැහැරගෙන ගොස් දූෂණය කර තිබු අතර ඇගේ සිරැර මුහුදේ තිබ හමු විය. මේ සිද්ධියට විජේසේකරලාට චෝදනා එල්ල විමෙන් පසු සිසුන් ඊයේ දක්වා විජේසේකර පවුලේ අයට සරසවිය තහනම් කලාපයක් කර තිබුණි . රොනී අවමංගල උළෙලේ මහින්ද රාජපක්ෂ කතා නොකළ මුත් ඔහුගේ ශෝක පණිවිඩය කංචන විජේසේකර විසින් කියවනු ලැබිය. ඒ මෙහොතේ සිසු සිසුවියන් පන්දහසක් පමණ අවමංගලයට එක් වි සිටියද ඔවුන් රොනී ද මැල්ට කරන ගෞරවයක් ලෙස මහින්දට හා කංචනට හූ තැබීමෙන් වැලකී සිටියහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *