රොෂාන් ගැන කේළම කීයූ ස.ජ.බ මන්ත්‍රී හෙළිවෙයි

  • By editor
  • December 2, 2023
  • 0
  • 137 Views

හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ විපක්ෂ නායක කාර්යාලයේදී, විපක්ෂ නායකවරයා සමග ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවීම පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කර ඇත්තේ සමගි ජන බලවේගයේ කන්ද උඩරටින් පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරයෙක් බව සතියට වාර්තා වෙයි.

මෙම මන්ත්‍රීවරයාද විපක්ෂ නායකවරයා සමග සමීපව කටයුතු කරන අතර ඔහු ඇතැම් අවස්ථාවලදී සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සමග ප්‍රකාශ කර ඇත්තේ රොෂාන්ගෙන් හරිම කරදර බවයි. එහෙත් මෙම මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට තොරතුරු වාර්තා කර ඇත්තේ තම පවුලේ සාමාජිකයෙක්ට එරෙහිව පවතින නඩුවකින් බේරීම සදහා බවද දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

විපක්ෂ නායකවරයා සමග හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සාකච්ඡා කර ඇත්තේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජේ.සී. ෂා නැමැති නිලධාරියා හමුවීමට අවස්ථාවක් ලබාගැනීම පිළිබදවයි. මේ බව කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා විමසූ විට කිසිවක් ප්‍රකාශ නොකළ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ඉන් පසු පසු දින, පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ තමන් විපක්ෂ නායකවරයා හමුවී මේ පිළිබද කතා කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *