රොෂාන් රණසිංහට ඉල්ලා අස්වෙන්න කියලා බලපෑම් 

  • By editor
  • November 18, 2023
  • 0
  • 57 Views

ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් රොෂාන් රණසිංහට බලකරන බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. 

මේ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ ජනාධිපතිවරයා එවැනි ඉල්ලීමක් කළහොත් පමණක් තමන් ඉල්ලා අස්වීමට සූදානම් බව ය.

එම මන්ත්‍රීවරුන් පිරිස මේ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර ඔහුට ඉල්ලා අස්වන ලෙසට නියම කරන්නැයි ඉල්ලීම් කර තිබෙන බව ද ආරංචි මාර්ග සදහන් කරයි.

නමුත් ජනාධිපතිවරයා ඊට එකගතාවය පළකර නොමැති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *