රොෂාන් රණසිංහට රාජ යෝග ලණුව දුන්නේ මාධ්‍යවේදියෙක්

  • By editor
  • December 1, 2023
  • 0
  • 341 Views

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසුරවා හරිමින් දේශපාලන කලබැගෑනියක් නිර්මනය කළ හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට රාජ යෝගයක් ඇති බවත්, ඔහු ජනාධිපති ධූර අපේක්ෂකත්වය කරා ගෙනා යා හැකි බව පවසමින් මෙරට ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය නාළිකාවක් සිදුකළ ප්‍රචාරය පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.

එම නාළිකාවේ සේවය කරනා මාධ්‍ය්‍යවේදියෙක් විසින් අමාත්‍යවරයාට අවශ්‍ය තොරතුරු ලබාදෙමින්, ඔහුගේ කථා සාදමින් ඉදිරි ගමනක් සැලසුම් කළද අමාත්‍ය ධූරය අහිමිවීමත් සමග අමාත්‍යවරයාගේ ප්‍රකාශ නිකුත් කිරීමද අවසන්ව ඇති බැවින් එම මාධ්‍ය නාළිකාවේ හිමිකරු විසින් මෙම මාධ්‍යවේදියා දැඩි දෝෂ දර්ශණයට ලක්කර ඇත.

ඔහු මීට පෙර සේවය කළ නාළිකාවේදීද මෙවැනිම අසත්‍ය තොරතුරු සහිත වැඩ සටහන් ප්‍රචාරය කිරීම නිසා එම ආයතනයේ සභාපතිවරායා සමාජයට මුහුණ දිය නොහැකි තත්ත්වයක් ඇතිවීම පිළිබඳවද ආණ්ඩුවේ අවධානය යොමුව ඇත. මෙම පුද්ගලයාද මාධ්‍යකරණය සඳහා පොලොන්නරුවෙන්ම පැමිණි අයෙක් වීම විශේෂ කාරනයකි.

මෙම පුද්ගලයා පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ද හොඳින් කරුණු දන්නා බව ඔහු දැනට සේවය කරනා මාධ්‍ය ආයතනයේ හිතවතුන් පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *