සිය අමාත්‍යධූරයෙන් ඉවත් වන ලෙසට ජනපති ඉල්ලා සිටින්නේ නම් තමන් ඊට එකගවන බව අමාත්‍ය රොෂාන් රණසිංහ සදහන් කරයි.
ගොවිතැනට ජලය සැපයීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන් පළ කළ අදහස හේතුවෙන් තමනට එම ඉල්ලීම ඊට බලපා ඇති බවත් හෙතෙම පැවසීය.
ජලය පලමුව අවශ්‍ය වන්නේ බීමට බවත්, දෙවනුව ගොවිතැන් සඳහා බවත් තුන්වනුව වෙනත් කටයුතු සඳහා බවද පැවසූ ඔහු ගොවියා මහමගට බැස්සොත් විශාල ප්‍රශ්නයක් ඇති වන බවද පෙන්වා දුන්නේය.
කෙසෙවෙතත් පළමුව ගොවියාට වතුර දිය යුතුය යන ස්ථාවරය තමන් කිසි ලෙසකින් වෙනස් නොකරන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.