රොෂාන් රණසිංහ ජනපති සිහින දකිනවා – ඇමතිවරුන්ගෙන් චෝදනාවක් 

  • By editor
  • November 10, 2023
  • 0
  • 106 Views

රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමේ සූදානමක් තිබෙන බවට මාධ්‍ය වාර්තා පළ වන බවත් ක්‍රිකට් මුවාවෙන් ඔහු දේශපාලන ප්‍රචාරණ කටයුතු සිදු කරන බවත් අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඔහු තම අමාත්‍යාංශයේ කටයුතු සිදුකිරීමේ දී රජය දේශීය සහ විදේශීය වශයෙන් අපහසුතාවයට පත්වන අයුරින් ගන්නා අත්තනෝමතික තීන්දු තීරණ වහාම නතර කරන්නැයි එම අමාත්‍යවරුන් පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

මේ පිළිබඳව ඉතා ඉක්මනින් තීන්දුවක් නොගතහොත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඉතා ඉක්මනින් ජනතාවගෙන් මෙන්ම ජාත්‍යන්තරයෙන් ද ප්‍රතික්ෂේප වනු ඇති බවද එම ඇමතිවරුන් පිරිස පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *