රෝයල් පාක් සිද්ධියේ ලිපි ගොනුව ජනාධිපති කාර්යාලයෙන් අතුරුදහන්

  • By editor
  • June 21, 2023
  • 0
  • 110 Views

රෝයල් පාක් මිනීමැරුම් සිද්ධියේ විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට අදාළව මේ වනවිට අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන ලිපිගොනුව ජනාධිපති කාර්යාලයේ නොමැති බව ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කර තිබේ.

පසුව එම ලිපි ගොනුව සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස තොරතුරු දැනගැනීමේ පනත යටතේ අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කලේය.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ජුලි 13 වනදා දක්වා කල් තැබූ අතර එදින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා එදින තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තා ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ යළි විභාගයට ගත් අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *