රෝසිගේ නිල නිවස පිරිසිදු කරන්න කෝටි එකහමාරක් ගෙවලා

  • By editor
  • June 9, 2023
  • 0
  • 65 Views

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති නිල නිවසේ පිරිසිදු කිරීමේ කටයුතුවලට ඉකුත් වසර පහේදී රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් (රුපියල් 15,107,894.00ක්) වැය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව 2018 වසරේදී රුපියල් 947,724ක් ද, 2019 වසරේදී රුපියල් 4,199,499ක් ද, 2020 වසරේදී රුපියල් 3,814,072ක් ද, 2021 වසරේදී රුපියල් රුපියල් 4,608,708ක් ද, 2022 වසරේදී රුපියල් 1,537,890ක් ද වශයෙන් මෙම බිල්පත් ගෙවා ඇතැයි නාගරික ලේකම් කාර්යාලය සදහන් කර තිබේ.

රෝසි සේනානායක කොළඹ මහ නගරාධිපති ධූරයට පත්වීමෙන් පසුව එහි නිල නිවසේ පිරිවැය සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ ම හිටපු මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පනතෙන් කරනු ලැබූ අයැදුමකට පිළිතුරු වශයෙන් මෙම තොරතුරු ලබා දී තිබේ.

කෙසේ වෙතත් මේ වනවිටත් නීති විරෝධි අන්දමින් රෝසි සේනානායක තවදුරටත් නගරාධිපති නිලනිවසේ රැදී සිටින බවට ද තොරතුරු වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *