කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මේ වන විටත් නිල නිවස බාර නොදී එහි රැඳී සිටින බව වාර්තාවෙයි.
එම නගර සභාවේ නිල කාලය අවසන්ව මේ වන විට මාස තුනක පමණ කාලයක් ගත වී ඇති අතර පසුගිය මැයි 16 වැනි දා තෙක් නිල නිවසේ රැඳී සිටීමට බස්නාහිර ආණ්ඩුකාර වරයාගේ අවසර ලබාගෙන තිබිණි.
නමුත් එම අවසර කාලයද මේ වනවිට ඉක්ම ගොස් ඇතත් ඇය තවදුරටත් මෙසේ නිල නිවසේ රැදී සිටී.
මේ වනවිට ජනාධිපතිවරයාගේ උපදේශිකාවක ලෙස දැනට රෝසි සේනානායක කටයුතු කරනු ඇත.