කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායකට ජනාධිපතිවරයාගේ පළාත් පාලන කටයුතු පිළිබඳ උපදේශක තනතුරක් ලබා දී ඇත.
කෙසේ වෙතත් එම තනතුර ගරු කටයුතු තනතුරක් බැවින් ඇයට වැටුප් නොලැබෙන අතර ප්‍රවාහන පහසුකම් පමණක් සලසනු ලබයි.
තමන් නගරාධිපති ධුරය දරන අවස්ථාවේ භාවිතා කළ නිල රථය හා රියදුරු ජනාධිපති කාර්යාලට අනුක්ත කර එය තම ප්‍රවාහන පහසුකම් සඳහා යොදවා දෙන දෙන ලෙසද හිටපු නගරාධිපතිනිය ජනාධිපති කාර්යාලයෙන් කළ ඉල්ලීමකට අනුව ඇයට එම අවස්ථාව ලබා දී ඇත.