කළු කොඩි ප්‍රදර්ශනය කිරීමෙන් රෝගීන්ගේ හා කාර්යමණ්ඩලයේ මානසික තත්ත්වය අයහපත් වන්නේ යැයි පවසමින් රජයේ රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන වල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් මෙම දැනුම් දීම සිදුකර තිබේ.
රට තුළ පවතින ආර්ථික තත්ත්වය මත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලියට ඇතැම් වෘත්තීය ක්‍රියාමාර්ග බාධා වන බව නිරීක්ෂණය වී ඇති බව ද අමාත්‍යාංශය පෙන්වාදෙයි.
රජය විසින් ගන්නා ලද මෙම පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටී.