රෝහල් තුළ රෝගීන් මියයාම පිළිබඳ වාර්තාව සකස් කර අවසන් – රෝගියාගේ සහ වෛද්‍යවරයාගේ රහස්‍යභාවය වෙනුවෙන් සම්පූර්ණයෙන් හෙළිකරන්නේ නෑ – කෙහෙළිය

  • By editor
  • August 9, 2023
  • 0
  • 123 Views

පසුගිය දිනවල රටතුළ මහත් ආන්දෝලනයක් මතුකරමින් රෝහල් තුළදී රෝගීන් මියයාම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විශේෂඥ කමිටු වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාරදී තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට්විටටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත.

එසේම අදාළ ට්විටර් පණිවුඩය හරහා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ වෛද්‍යවරයාගේ සහ රෝගියාගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා සම්පූර්ණ වාර්තාව හෙළිනොකරන බවය.

ඒ අනුව අදාළ විශේෂඥ කමිටුවේ නිර්දේශ සහ නිගමන පමණක් ප්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *